Public Hearings Day 1- Public Commission on National Trade Policy

Day 1 – Successful public hearings of Public Commission of National Policy held on 6th April, 2017 
VISIT: Inauguration Ceremony of the Public Commission on National Policy on International Trade Agreement held at Sri Lanka Foundation Institute on 22nd of March 2017

 

Official Website : Visit

PCNPIT

Public Commission for National Policy on International Trade

 

 

මහජන කොමිසමේ පළමු දිනය අති සාර්ථකයි!

ජාත්‍යන්තර වෙළෙදාම  පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය සඳහා වු මහජන කොමිෂන් සභාව මඟින් සිදුකරන වාචික අදහස් විමසීමේ පළමු වාරය පසුගිය අප්‍රේල් 6 වන බ්‍රහස්පතින්දා කොළඹ 7 පිහිටි OPA ශාලාවේදී ඉතා සාර්ථක ලෙස පැවැත්වුනි. මෙහිදී මෙරට සුවිශේෂි පුද්ගලයන් රැසක්ම කමිටුව හමුවේ සිය අදහස් පළ කරන ලදී.

මෙදින කොමිසම හමුවේ පුද්ගලිකව හෝ සිය සංවිධානය නියෝජනය කරමින් සාක්ෂි ලබාදුන් පුද්ගලයන්ගේ නාමලේඛනය මෙසේය.

  • පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
  • ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා
  • හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී. එල්.  පීරිස් මහතා
  • කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා
  • ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා
  • පැලවත්ත කිරි සමාගමේ සභාපති හා මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා
  • ගොවි සංවිධාන හා සහල් කර්මාන්ත කරුවන්ගේ එකමුතුවේ කැඳවුම්කරු අරුණකාන්ත බණ්ඩාර මහතා
  • ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා මහතා
  • DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක කුලතුංග රාජපක්ෂ මහතා
  • මල්ටිකෙම් සමුහ ව්‍යාපාරයේ හා නේචර්ස් බ්යුටි ක්‍රියේෂන්ස් සමාගමෙහි සභාපති සමන්ත කුමාරසිංහ මහතා
  • රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති නිමල් කරුණාසිරි මහතා

අදහස් දැක්වීමට පැමිණියද සහභාගීත්වය උසස් මට්ටමක පැවතීම හේතුකොට ගෙන කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ඉඩ ප්‍රස්ථාවක් නොලද මහත්ම මහත්මීන්ට සංවිධායක කමිටුව සිය කණගාටුව පළ කර සිටින අතරම පසු දිනයක ඔවුනට අවස්ථාව ලබාදෙන බව දන්වා සිටී.

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සම්පාදනය සඳහා මහජන අදහස් විමසීම