Prevent H1N1 Maternal Deaths

The first H1N1 maternal death was reported last week . Refer all pregnant & post partum women to hospitals on day 1 of fever .
   
Download the Circular:
Fever in Pregnancy and Postpartum Period
 
  
 ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු පළමු දිනයේම රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි. ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වලදී ගර්භණී මවුවරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග්‍ර සංකුලතා වලට ලක්විය හැකිය.
 
ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියාව නිසා මෙම වසරේ පළමු මාතෘ මරණය පසුගිය සතියේ වාර්තා වූ අතර 2017 වසරේ දී ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා නිසා ගර්භණී මවුවරු 40 කට පමණ ජිවිත අහිමි විය.
 
උණ වැළඳුණු ගර්භණී හෝ පසු ප්‍රසව මවුවරු පළමු දිනයේම රෝහල් ගත කිරීමෙන් එම මවුවරුනට නිසි ප්‍රතිකාර ලබා දිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
 
එවැනි මවුවරුන් පළමු දිනයේම රෝහල් ගත කිරීමට සියලුම වෛද්‍යවරුනට, පුද්ගලික වෛද්‍යවරුන් ට, බාහිර රෝගී අංශ වලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට උපදෙස් මේ වනවිටත් නිකුත් කර ඇත.