74 වන නිදහස් දින පැතුම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, 74 වන නිදහස් දිනය වෙනුවන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැතුම.

ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමිය, යටත්විජිතවාදයෙන් මිදී අදට වසර 74ක්.

ලිඛිත යටත් විජිතවාදීන්ගෙන් නිදහස්ව වසර 74ක් ගතවුවත් ජනතාව නිරෝගී කරගැනීම සඳහා නිවහල්ව සිතීමට අද දක්වා අපිට හැකිවෙලා නැහැ.

මද්‍යසාර, මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ වස විසෙන් පිරුනු ආහාර රටේ ජනතාව විශේෂයෙන් අපේ අනාගත පරපුර සිරගත කරලා, දුර්වල කරලා, මන්දගාමී කරලා.

අනාගත දරු පරපුර විනාශ වීමේ අවාසනාවන්ත යුගයට අපි මුහුණ දෙමින් සිටිනවා.

ශ්‍රි ලාංකීක දේශයට යහපත් හෙට දවසක් ගොඩනැගීම උදෙසා, එම ඉරණම වෙනස් කලයුතු කාලය එළැඹිලා.

එම නිසා 74 වන නිදහස් දිනය සමරන මේ මොහොතේ දී, අපගේ අනාගත දරු පරපුර, මත්පැනින්, මත් ද්‍රව්‍යයෙන්, දුම්වැටියෙන් සහ වස විසෙන් පිරුනු ආහාර වලින් මුදවාගෙන, නිරෝගී, නිදහස්, සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහි කර ගැනීමට හැකි යුගයක් උදාවේවායි අපි අධිෂ්ඨාන කර ගනිමු.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිදහසේ පැතුමයි….!

2022 පෙබරවාරී 04