Amendment to Medical Ordinance and “Divaina” Article

At the annual general meeting several members raised the issue regarding the amendment of medical ordinance and we, newly appointed office bearers took it very seriously. Immediate action was taken as the first task of new Ex-Co. Matter discussed with Dr. N.J. Nonis (Secretary to the Sri Lanka Medical Council). He agreed to wait without taking final decisions till the GMOA consensus reach.

While we are studying the new amendment, specially the issues raised by our members we came across the news paper article in ‘IRIDA DIVAINA’. This article is really misleading and giving false information to the membership and to the public (Just like some people send the message to the public by same means saying that Doctors are not executive).

We kindly request from the membership to think about the ways they try to destroy our dignity (Now all other professionals know that how good we are in writing ‘KALAPATHTHARA’). Even if there is anything wrong with this amendment what should we do? Think wisely.

We earnestly request all our membership to read the amendment attached and inform us regarding the changes that we should worry about without delay.

– Executive Committee

 

“Divaina” Article on 08-07-2012:

 

වෛද්‍ය උපාධියට සැත්කමක්‌!

– ඒමන්ති මාරඹේ

මෙරට රජයේ වෛද්‍යවරුන් සඳහා පිරිනමන එම්.බී.බී.එස්‌. (බැචලර් ඔෆ් මෙඩිසින්, බැචලර් ඔෆ් ස(ර්)ජරී) උපාධියෙන් සැත්කම් (ස(ර්)ජරීස්‌) කොටස ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් කටයුතු කර ගෙන යැම හේතුවෙන් ඉදිරියේදී දිවයින පුරා රජයේ රෝහල්වල එම්.බී.බී.එස්‌. උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් 14,000 කට සැත්කම් කිරීමට ලබාදී ඇති අයිතිය ද අහෝසි වන බව එම වෛද්‍ය නිලධාරීහු පවසති.

මේ අනුව ඉදිරියේදී රජයේ රෝහල්වල සැත්කම් කිරීමට හැකියාව ලැබෙනුයේ 100 ක්‌ වැනි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ට පමණකි.

දැනට රජයේ රෝහල්වල සිදු කෙරෙන සැත්කම් වලින් සියයට 99 ක්‌ම සිදු කරනුයේ විශේෂඥ ශ්‍රේණියට අයත් නොවන එම්.බී.බී.එස්‌. උපාධිධාරී ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරීන් විසින් වන අතර ඔවුනට සැත්කම් කිරීමේ අයිතිය අහිමි කළහොත් රෝහල්වල සිදුකෙරෙන සීසේරියන් ඇතුළු සැත්කම් ගණනාවක්‌ අත්හිටුවීමට සිදු වන බව රජයේ ප්‍රධාන රෝහලක සේවය කරන ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරිවරයකු “දිවයින”ට පැවසීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥ පනතෙහි 32 වැනි වගන්තිය යටතේ සාමාන්‍ය වෛද්‍ය නිලධාරීන් හට සැත්කම් කිරීමට ලබාදී ඇති අයිතිය අහෝසි වන අයුරින් එම වගන්තිය සංශෝධනය කර රජයේ වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සඳහා පිරිනමනු ලබන එම්.බී.බී.එස්‌. උපාධියෙන් සැත්කම් කොටස ඉවත් කිරීමට මේ අනුව වෛද්‍ය සභාව කටයුතු කර ගෙන යන බව එම වෛද්‍ය නිලධාරිවරයා කීවේය.

මේ අනුව පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ සිදු කිරීම සඳහා මෘත ශරීරය කැපීමේ හා සීසේරියන් ඇතුළු සැත්කම් කිරීමේ අයිතිය ද සාමාන්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් ඉවත් කෙරෙන බව කී හෙතෙම තෝරාගත් සීමිත සැත්කම් සංඛ්‍යාවක්‌ පමණක්‌ සිදු කරනු ලබන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ට රජයේ රෝහල්වල සෑම සැත්කමක්‌ම ආවරණය කිරීම කළ නොහැකි වීම නිසා රෝගීහු දැඩි අපහසුතාවකට පත් වනු ඇතැයි අවධාරණය කළේය.

මේ අතර ප්‍රාදේශීය ප්‍රධාන පෙළේ රෝහලක ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරයකු මේ සම්බන්ධව විමසූ විටදී කියා සිටියේ සාමාන්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් සැත්කම් සිදුකිරීමේ කාර්යය ඉවත් කිරීමට මේ වන විට තීරණයක්‌ ගෙන එයට අදාළ චක්‍රලේඛයක්‌ පවා කලකට පෙර රෝහල් ප්‍රධානීන් වෙත නිකුත් කර තිබූ බවත් එය මෙතෙක්‌ ප්‍රධානීන් විසින් සඟවා ගෙන තිබූ බවත්ය.

http://www.divaina.com/2012/07/08/news05.html